Friday, September 21, 2018

සමනල පියාපත්

සමනල පියාපත්
සිඳුණු සමනල තටුවක් ලෙසින්
බිඳුණු ඔබගේ සිතත් සමගින්
පැමිණ මාගේ සමීපය වෙත
අපහසුවෙන් පියාපත් සලමින්
ලබන්නට අසමත්ව ජීවිතය
මියගියා ඔබ යලිත් නොඑන ලෙස
මියැදුණු ඒ හිත පන ගන්වන්නට
මට කල හැකි කිසිවක් තව නොම ඇත
හෙමිහිට හෙමිහිට සොලවා බැලුවෙමි
සංවේදනයක් ලබන තුරා
එය ලද බව වැටහුණු විට මා හට
ප්‍රහර්ෂයක් විය මසිත පුරා
කාලයේ කුහුඹුවන් විසින්
වගකීමෙන් කල වෙනස් කමින්
පුංචි සිතේ සතුටක් ඇති වෙයි
එබැවින් ඒ සිත තව මෘදු වෙයි
හුණු කුරෙන් කවි කතා වලින්
නික්මී සමුගෙන ආදරයෙන්
සෙමින් සෙමින් අමතක කරමින්
පහස ලබයි නව සමාජයෙන්
ඔබගේ සියුමැලි කම අවියක් කොට
දියුණුව ලෙස එය පෙන්වාවි
විදුරු පිටුපස ඇති සමනල තටු
නිදර්ශකය ලෙස සලකාවි

කුමක් අරභයා ලියන ලද්දක් ද යන වග තීරණය කිරීම කියවන ඔබට භාර කරමි.

No comments:

Post a Comment