රිදෙන මියෙන මතක පොතක
අරුමැති පෙම් කවියයි නුඹ
හඬන දොඩන පෙම අභියස
නොවෙනස් හිස් පිටුවයි මම
සැලෙන ලෙලෙන සුලග සමග
රඟන පහන් සිල නම් නුඹ
ඒ සුලඟට මියැදී යන
ගිනි පුලිඟුව නම් වෙමි මම
කුනාටු සුලි සුලං අසල
නොසැලෙන මහ වෘක්ශය නුඹ
ඒ සුලගට විසිරී යන
සුවඳැති මුදු කුසුමයි මම
No comments:
Post a Comment