Tuesday, September 18, 2018

යුවතියක නම්


යුවතියක නම්

කෙල්ලන් යනු ලඳ බොලඳය
වීදුරුවකි ඈ බිඳෙන සුලු ය
හඬන්නට නම් හරි හපනි ය
දන්නේ හැර දමා යන්නට පමන ය
පිලිගනිමි මං ඔබ නිවැරදිය
ඔහුගෙ නිවසේ පහන වන්නට
අත් හල යුතුය ඈ සියල්ල
තම වාසගම ද ඇතුලුව
ඉතින් ඈ දන්නෙ සියල්ල
හැරදමා යන්නටම පමන ය
සුමුදු සියුමැලි ඈ
ඉඳිකටු තුඩක තරම් වත්
වේදනා විඳින්නට අසමත්‍ ය
මේ කියන යුවතියම දිනෙක
ඔහුගෙ පුතුට පණ පොවන්නට
දෙසියයක් අස්ථි එකවර බිඳෙන බඳු
ප්‍රසව වේදනාව දරාගන්නා යුරු
මොහොතකට ඔබ සිතුවා ද
කැපකිරීම් කරන්න ට දන්නේ
පිරිමි ඔබ පමන ය
ඔහුගෙ දරුවා උස් මහත් කරන්නට
තම නින්දද ඇතුලුව
ඈ කරන කැපවීමට
පවසන්නෙ වෙන වදනක් ද
ඔබ කුමක් කීවද
මෙලොව සිටින හැම යුවතියකම
රැජිනකි ය මට
මා ද ඇතුලුව

No comments:

Post a Comment