Friday, September 21, 2018

ගත සනහාලා

ගත සනහාලා සිත කිරි මුවගෙහි රැව් දෙද්දී
අකුරු අමුණ අමුණා කියමින්
ටිකෙන් ටික හිරිමල් වියට පැමිණෙද්දී
දයාබර මවක මෙන් නිරතුරුව
අප ළඟ රැදෙද්දී
ආදරණිය මවුනි
ඔබ ගුණ අප කෙසේ කියම ද?
ඉපදුන දා පටන්
මවකගේ උණුසුම දෙමින්
දෙවෙනි මවක මෙන්
කවි කියා අප නලවමින්
දිවියේ කඩයිම් ජයගනිද්දී
නිරතුරුව හිදී අප ලගින්
ආදරණිය මවුනි
ඔබ ගුණ අප කෙසේ ලියම් ද?
තවමත් ජිවිතේ පොතෙන් දහයෙන් එකක්
පමණක් කියවමින් සිටින අපට
ඉතිරියද කියවන්නට
නිරතුරුව සෙවනැල්ලක් වෙමින්
සිටි ලබැඳි මෑණියනි
ඔබ ගුණ අකුරු කල
නොහැකි තරම් වුව
ඔබ කෙරේ අප සිත ඇති සිතිවිලි
ගොනු කරලන්නට ගත
පුංචි තැතක් පමණකි මේ !!!!!!!!!!!!!!!!!!

වසර කිහිපයකට පෙර මා ජිවත් වුයේ ළමා නිවාසයක් අසල. හය හතර නොතේරෙන කුඩා දරුවන් එහි නේවාසිකව සිටියා. ඒ අය බාරව හිටියේ ඉතා ම ප්‍රියමනාප කාන්තාවක්. එය ඇයගේ රැකියාව වුවත් තමන්ගේ දරුවනට මෙන් සලකමින් ඇය එම දරුවන් රැක බලාගන්නා යුරු නිරතුරුව මගේ දෑසට හසු වුවා. මා එම අනාත නිවාසයේ දරුවකු වුවා නම් යන සිතිවිල්ල මත ඉහත නිසදැස රචනා කලෙමි. නම නොදන්නා ඒ කාන්තාවට මාගේ උත්තමාචාරය හිමි වේවා.

No comments:

Post a Comment