Tuesday, September 18, 2018

අරුමැති කතකි ඈ

අරුමැති කතකි ඈ

අරුමැති කතකි ඈ
විටෙක අසාධාරණ
රැයෙහි දැකි විට කුඩා නැගණිය
නිරන්තරයෙන් සිතමි මම
සුන්දර ය පිවිතුරු ය ළමා විය
යලි කිසි දින නොලැබෙන ලෙස
නිරවුල්ය මනස
එයයි හේතුව ඇය
යන්නේ නැගණිය වෙත මවෙත එන්නට පෙර
මනස නිරවුල් කල
මවෙත එන්නට දෙවරක් නොසිතන ඈ
එසේ නොවන කල
රෑ මැදියම විද
නොඑයි කිසිවිට
කෙතරම් නම් ආයාචනා කල ද
ඇතැම් විට රැකියාව
ඇතැම් විට තව හේතු
හරස් වන කල
ඇතැමුන් සිටි කිසි දින
ඇගෙ පහස බිඳකුදු නොලද
එවන් අය දුටු කල
මා පින් කර ඇත
නොසිටින්න
ඔවුන් අද සිටින තැන
ඇතැම් අය දුටු කල
රැයෙහි පමණක් නොව ඈ
දහවල ද කැඳවන
අරමුණු පසෙක ලා
ඇගෙ පහස පමණක් ලබන
සතුටු වෙමි මා
ඔවුනතරින් අයෙක් නොවීම පිලිබඳ
අවැසි අනවැසි ලෙස
අප සැවොම පහස ලද ලබන
අරුමැති කතකි ඈ

නමින් නිදි දෙව්දුව!!!!!!!!

No comments:

Post a Comment