දුම්රියේ හමුවුනේ ඇයව එක් මොහොතක
ගැටුමකී මුල් වුනේ අප හඳුනගන්නට
අප බැඳුනෙමූ සසරේ පුරුද්දකට මෙන්
ජීවිතේ සන්තොසින් පියමං කරන්නට
දුම්රියේ හමුවුනේ ඇයව එක් මොහොතක
දුක් කම්කටොලු මැද ජීවිතේ ගෙවාගන්නට
සෙවනැල්ල මෙන් ඈ සිටියේ සුරදූතිය
මගෙ ජීවිතේ ආලෝකෙ වී ආවෙ ඈ මා වෙත
දැනුනේ නැවුම් ආදර හැඟුම් ඈ වෙතින් මා හට
ජීවිතේ මිහිර දැන් දැන් අත්දුටුවෙමි
අප බැඳුනෙමූ සසරේ පුරුද්දකට මෙන්
ජීවිතේ සන්තොසින් පියමං කරන්නට
දුම්රියේ හමුවුනේ ඇයව එක් මොහොතක
දෛවයේ කුරිරු සරදම් නිමක් නොමැතිව
පැමිනේ මා වෙත සෑමදා එක පිට එක
දුම්රිය විසින් මා හටම දුන් මගේ සුරකුමරිය
යලි මා වෙතින් වෙන් කලේ ඇයි ඒ ලෙසින් දුම්රිය
පෙර ලෙසටම දිවිකතරෙහි යලි මා මංමුලා වුනා
අප බැඳුනෙමූ මිතුරු වී සසරේ පුරුද්දකට මෙන්
ජීවිතේ සන්තොසින් පියමං කරන්නට
දුම්රියේ හමූවුනේ ඇයව එක් මොහොතක..
2009/06/01
No comments:
Post a Comment